ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

“Mesua Nagassarium” යන උද්භිත නාමයෙන් හැඳින්වෙන නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි. ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.
ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.
ශාඛයේ ප්‍රයෝජනවත් බව.
ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.
බාහිර ස්වරූපය.
පුළුල් ව්‍යාප්තිය.
පැහැය සහ ස්වභාවය.
පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.
වැසි වනාන්තර වල වැඩෙන මෙම ශාඛය උසින් මීටර 30 ක් පමණ වන අතර ලංකාවේ තෙත් කලාපයට ආවේණික වේ. නා දළු රත් පැහැ වන අතර පරිණත වන විට කොළ වර්ණය ගනී. නා ගසේ දැව ඉතා තද ගතියෙන් යුක්තය, කල් පවතී. එම නිසා ඈත අතීතයේ දී පාලම් සෑදීමට ගනු ලැබී ය. ආගමික වටිනාකමින් යුක්ත වන බැවින් වර්තමානයේ දී දැව සදහා භාවිතා නොකරනු ලබයි. නා මල ආයුර්වේද ඖෂධ, සුවඳ විලවුන් සහ සබන් නිපදවීම‍ට ගනී.