ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය


ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මල තෝරා ගැනීමට පාදක වූ හේතු මෙසේය.
රාජකීය උත්සව සදහා අනාදිමත් කාලයක සිට මෙම මල භාවිතා කරනු ලැබීම.
උපුල්වන් දෙවිදුන් සමග සම්බන්ධ කෙරෙන පුෂ්පයක් වීම.(මේ දෙවිදුට ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම භාර වී ඇතැයි විශ්වාසයක් පවතී.)
බලවත් රෝග සමනය කිරීමේ සමත් සිසිල් ගුණයක් සහිත ඖෂධීය පුෂ්පයක් වීම.
මලේ වක්‍ර වූ පත්‍රවලින් ශුභ සලකුණක් වූ ස්වස්තිකය මූර්තිමත් වීම.
නිල් මහනෙල් හි විද්‍යාත්මක නාමය - Nympheae Stellata

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා


ශ්‍රී ලංකාවට ආවේණික වූ ද බිම හැසිරෙන ඉතා විසිතුරු වූ ද වලි කුකුළා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වේ. මේ පක්ෂියා ශ්‍රී ලංකාවේ වනාන්තර වල ද ඝන ලදු කැලෑවල ද බහුලව දක්නට ලැබේ. රාත්‍රී කාලයේ උස ගස්වල ලැගුම් ගනී. බියට පත් වූ විට ගස්වල ඉහළ අතුවලට පියාඹා යයි. බිම සැඟවුණු ස්ථානවල හෝ ගස්වල අතුපතර මත ලැගුම් ගෙ සිටී. සිංහරාජ වනය ශ්‍රී ලංකා වලි කුකුළා නැරඹීමට ඉතා හොඳ භූමි භාගයකි.

ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය

“Mesua Nagassarium” යන උද්භිත නාමයෙන් හැඳින්වෙන නා ගස ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස 1986 පෙබරවාරී 26 වැනි දින ප්‍රකාශයට පත් කෙරිනි. ජාතික වෘක්ෂය ලෙස නා ගස තෝරා ගැනීමට කරුණු කිහිපයක් බලපා ඇත.
ශ්‍රී ලංකාවට ආවේණික වෘක්ෂයක් වීම.
ශාඛයේ ප්‍රයෝජනවත් බව.
ඓතිහාසික සහ සංස්කෘතික වැදගත්කම.
බාහිර ස්වරූපය.
පුළුල් ව්‍යාප්තිය.
පැහැය සහ ස්වභාවය.
පහසුවෙන් ඇඳීමේ සහ දළ රූප ඇඳීමේ හැකියාව.
වැසි වනාන්තර වල වැඩෙන මෙම ශාඛය උසින් මීටර 30 ක් පමණ වන අතර ලංකාවේ තෙත් කලාපයට ආවේණික වේ. නා දළු රත් පැහැ වන අතර පරිණත වන විට කොළ වර්ණය ගනී. නා ගසේ දැව ඉතා තද ගතියෙන් යුක්තය, කල් පවතී. එම නිසා ඈත අතීතයේ දී පාලම් සෑදීමට ගනු ලැබී ය. ආගමික වටිනාකමින් යුක්ත වන බැවින් වර්තමානයේ දී දැව සදහා භාවිතා නොකරනු ලබයි. නා මල ආයුර්වේද ඖෂධ, සුවඳ විලවුන් සහ සබන් නිපදවීම‍ට ගනී.

සමනලයා


ලෝකයේ සමනල වර්ග 24000ක් පමණ සිටින වග තහවරු වී තිබේ.ඒ අතුරින් මෙරට කුල 11කට අයත් සමනල වර්ග 243ක් පමණ වාසය කරයි.මින්වර්ග 20ක් පමණ මෙරටට ආවේනිකවේ. ලංකාවේ වාසයකරන සමනලුන් අතරින් වැඩිම ප්‍රමාණයක් වාසයකරන්නේ තෙත් කලාපයේය. තෙත් කලාපයේ වාසය කරන සුලභබව හමුවන සමනලුන් කෙරෙහි මෙහිදි අවධානය යොමු වේ. සමනලුන් පිළිබඳව අධ්‍යනය කිරීමෙදී සලබයින් හා සමනලුන් අතර වෙනස හදුනාගැනීම, මල්පැණි සඳහා උපයෝගී කරගන්නා ශාක හදුනාගැනීම. ඔවුන්ගේ පෝෂණ ශාක හදුනාගැනීම වෑදගත් වේ.
ලංකාවේ සමනලුන් පහත පරිදි කුල 11බෙදා දෑක්විය හෑක.
01) පෑපිලියොනිඩේ කුලය
02) පියරිඩේ කුලය
03) ඩෑනයිඩේ කුලය
04) නිම්පාලිඩේ කුලය
05) ලිබයිතිඩේ කුලය
06) ඈක්‍රරිඩේ කුලය
07) ඇමතුසිඩේ කුලය
08) සෑටරිඩේ කුලය
09) ලයිසෑනඩේ කුලය
10) හෙස්පරයිඩේ කුලය
11) රියෝඩ්‍රිනිඩේ කුලය

අලියා


අලි බැලීමත් බලි බැලීමත් ඇතිවන්නේ නැහැ යැයි කියමනක් අපේ ජනවහරේ එයි.අලින්ගේ හැසිරීම මිනිසුන්ගේ සිත් සතන් ඇදගන්නා තරම් අපුරුය.මෙවන් කියමනක් අපේ ජනවහරේ එන්නේ ඒ මිනිසා හා අලියා අතර ඇති සම්බන්ධය ‍බොහෝ ඈත කාලය දක්වා දි‍වෙයි.ඒ ගැන ඇති මුල්ම සාක්ෂිය වන්නේ ගල් යුග‍යේ මිනිසුන් ජීවත්වුණු ගල් ගුහාවල ඇති අලින්ගේ රූපසටහන්ය.කැළේ යද්දී මෙම අලින්ගේ රූප සටයන් සි‍තෙහි ‍හොදින් කාවැදීම හේතු කොටගෙන ‍මොවුන් නැවත පැමිණි පසු මෙම රූප ගල් ලෙන්වල නිර්මාණය කරන්නට ඇත.
මිනිස් ඉතිහාසයේදී බල්ලන්, ගවයන් වැනි සතුන්ගෙන් පසු හීලෑ කරගත් ප්‍රයෝජනවත්ම සත්ත්ව වර්ගය වන්නේද අලි ඇතුන්ය.‍ මෙසේ අලි ඇතුන් හීලෑකරගත් ආකාරය පිළිබඳ කරුණු සඳහන් නොවන නමුත් සමහරුන්ගේ අදහස වන්නේ කුඩා කාලයේ මව මිය යාම නිසා අතරමං වූ අලි පැටියෙක් හෝදඩයම් සඳහා කැපූ වලවල් වල වැටුණු අලි පැටවුන් මිනිසුන් විසින් රැ‍ගෙන ඒම මගින් අලි හීලෑ කරගත් බවය. මෙම අලි ඇතුන් අතීතයේ සිටම බර වැඩ සඳහා මිනිසුන් විසින් යොදා ගන්නා ලදි.